Friday, May 12, 2017

Microwave උදුන් තුලට ලෝහමය ද්‍රව්‍ය නොදැමිය යුත්තේ ඇයි?

Microwave උදුන්, අද වන විට බහුලවම භාවිතා වන උදුනක්.  Microwave  උදුන් තුලට ලෝහ වලින් තැනූ ද්‍රව්‍ය දමන්න එපා කියලා සදහන් කරලා තියනවා ඔබ දැකලා ඇති.
Microwave  උදුන හදලා තියෙන්නේ ලෝහ වලින්, නමුත් උදුන තුලට ලෝහ දාන්න එපාලු. ඇයි මේ?







ඔව්, Microwave  උදුනේ ඇතුල් ආවරණය හා බිත්ති සාදා තියෙන්නේ ලෝහ වලින් තමයි. උදුනේ මැග්නට්‍රෝනය නම් උපාංගය මගින් නිපදන සූක්ෂම තරංග, උදුන මත තබා ගන්නට මෙම අභ්‍යන්තර ලෝහ ආස්තරණය උපකාරි වෙනවා. එමෙන්ම මෙම අභ්‍යන්තර ලෝහ ආස්ථරණය, ෆැරඩේ කුටියක් ලෙස ක්‍රියාකරමින් ඔබට ආරක්ෂා කිරිමත් සිදුකරනවා.

උදුනේ ඉදිරි දොරටුව වෙත ලංව බැලුවොත් සිදුරු සහිත දැලක් ඔබට දිස්වේවි. මෙම ඉදිරිපස දැලේ ඇති සිදුරු සකසා තියෙන්නේ, Microwave වල තරංග ආයාමය හා සසදමින්. ඒ හේතුවෙන් ද තරංග පිටතට ඒම වලක්වනවා.

උදුන තුලට ලෝහ වලින් සෑදු (පිගන්,කෝප්ප,ඇලුමිනියම් ෆොයිල් වැනි) ද්‍රව්‍ය දැමුවොත් ඇතිවන තත්ත්වය නම් එච්චර හොද නැ.

ලෝහ වල නිදහස් ඉලෙට්‍රෝන විශාල ප්‍රමානයක් තියනවා කියලා යාලුවෝ දන්නවා ඇතිනේ. මේක නිදහස් ඉලෙට්‍රෝන ජලාශය ලෙසත් හදුන්වනවා. ලෝහ අයන, නිදහස් ඉලෙට්‍රෝන ජලාශය තුල තමයි පවතින්නේ. මෙසේ නිදහස් ඉලෙට්‍රෝන පැවැතිම, ලෝහ වලට එයටම ආවේණික ගුණ ලැබිමට හේතු වෙනවා.




ලෝහමය භාන්ඩ උදුන තුලට දැමු විට, සූක්ෂම තරංග වැදිම නිසා ලෝහ පෘෂ්ඨයේ ඉලෙට්‍රෝන වල කම්පනය වේගවත් වෙනවා. මේ හේතුවෙන් එම ලෝහ විසින්ද සූක්ෂම තරංග පරාවර්තනය කරන්න පටන් ගන්නවා. මේ නිසා උදුන තුල විභව අන්තරයක් ඇති වෙනවා. මේ නිසා උදුන තුල ආර්ක් විමක් සිදුවෙන්නට පුලුවන්. බොහෝවිට මෙම ආර්ක් විම(විද්‍යුත් චාප ඇතිවිම) සිදුවන්නේ ආගන්තුක ලෝහය හා උදුනේ බිත්ති අතරයි. මේ නිසා උදුනේ අභ්‍යන්තරයට හානි සිදුවෙනවා. ගිනිගැනිම් උවද ඇතිවිය හැකියි.



අන්න ඒ නිසායි උදුන තුලට ලෝහ දාන්න එපා කියලා නිෂ්පාදකයින් විසින් සදහන් කර එවන්නේ.

අද වන විට මෙම ගැටලුව යම්තාක් දුරකට නිරාකරණය කරගෙන තියෙනවා. Microwave උදුන් තුලට දැමිය හැකි ආරක්ෂිත ලෝහ භාණ්ඩ අද වන විට වෙලදපොලෙන් සොයාගන්න පුලුවන්. එමෙන්ම ලෝහ ද්‍රව්‍ය දැමීම ආරක්ෂිත Microwave  උදුන්ද නිපදවා තිබෙනවා. 

කෝකටත් ගෙදර තියන උදුන මොන ජාතියේ එකක්ද කියලා සොයා බලන්න අමතක කරන්න එපා.









No comments:

Post a Comment