Thursday, April 27, 2017

මාශ්මෙලෝ ගසින් (marshmallow) උපන් මාශ්මෙලෝ

පොඩිහිටි වැඩිහිටි කවුරුත්  ‘‘මාශ්මෙලෝ‘‘ වලට කැමති නොවැ. ගෙදර වුනත් සරලව මාශ්මෙලෝ හදාගන්න පුලුවන්. නමුත් ඔයාලා දන්නවාද මාශ්මෙලෝ ගස් ගැන??



මාශ්මෙලෝ ගස්??? ඒ මොනාද?? මාශ්මෙලෝ ගස්වල හැදෙනවාද??

මාශ්මෙලෝ ගස්වල හැදෙන්නේ නැති වුනත් මාශ්මෙලෝ රසකැවිලි වල උප්පත්තියට මෙම ගස බලපැවා. සිනියි වතුරයි ජෙලටිනුයි දාලා ගෙදරදි මාශ්මෙලෝ හදපු අයත් මේ ලිපිය කියවනවා ඇති. නමුත් සැහෙන්න ඈත අතිතයේ මාශ්මෙලෝ හැදුවේ අද අපි හදන විදිහට නෙවෙයි.



common marshmallow නම් සපුෂ්ක ශාකය Althaea officinalis යන විද්‍යාත්මක නාමය දරනවා.  යුරෝපය, බටහිර ආසියාව හා  උතුරු අප්‍රිකා කලාපයේ පැතිරුණු ශාකයක් වන මෙය  වෛද්‍ය වටිනාකමක් ඇති ශාකයක්. ලස්සන රෝස පැහැති මලක් පිපෙන ශාකයක්. 



වෛද්‍ය පාරිභාෂික වචන මාලාවේ මාශ්මෙලෝ ශාකය, Althaea[-ae, ලිංගය f]  ලෙස හදුන්වනවා.

ඉපැරණි ඊජිප්තු ජාතිකයින් විසින් මාශ්මෙලෝ ශාකයේ නිස්සාරණයන්ට පැණි හා ඇට වර්ග කලවම් කර රසකැවිලි සාදාගෙන තිබෙනවා. මෙයින් මාශ්මෙලෝ රසකැවිලි වල උපත සිදුවනවා.

පසුකාලිනව ප්‍රංශ සූපවේදින් විසින් බිත්තර හා සිනි ද ශාක නිස්සාරණය සමග එක්කර මාශ්මෙලෝ නිපදවනු ලැබුවා.

1800 සියවසේ සිට මාශ්මෙලෝ නිෂ්පාදනය සදහා  Althaea ශාකය වෙනුවට ජෙලටින් යොදාගැනිම ආරම්බ කලා. ඒ නිසා අද වන විට මාශ්මෙලෝ නිෂ්පාදනයට Althaea භාවිතා කරන්නේ නැ.

මැද පෙරදිග කලාපයේ සාදන හල්වා වර්ග සදහා මාශ්මෙලෝ ශාකය යොදාගනු ලබනවා. මීට අමතරව සාම්ප්‍රදායික ඖෂධයක් ලෙසත් මාශ්මෙලෝ ශාකය බහුලව යොදාගන්නවා. 

රසකැවිලි හා පුඩින් වර්ග හදන්න නැතුවම බැරි ‘‘ජෙලටින්‘‘ හැදෙන හැටි ගැන ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.

- රොෂින් ප්‍රනාන්දු





No comments:

Post a Comment