Wednesday, March 29, 2017

Wi-Fi හා Bluetooth මූලධර්ම දායද කල සුරුපි නිලිය

අද වන විට Wi-Fi,Bluetooth තාක්ෂණයන් භාවිතා නොකරන, නොදන්න කෙනෙක් හොයාගන්න අමාරුයිනේ.
ඔයාලා දන්නවාද මෙම නව තාක්ෂණික සංකල්ප දායද කරන්නට සුරුපි බොලිවුඩ් නිලියක් මුලික වුනාකියලා.






රැහැන් රහිත සන්නිවේදනය අද නැතුවම බැරි දෙයක් වෙලා. ජංගම දුරකතන,අන්තර්ජාලය, පරිගණක මේ සියල්ල එකට බැද තබාගන්න රැහැන් රහිත සන්නිවේදනය දායක වෙනවා. අපේ කතාවේ කතානායිකාව සිදුකරපු වැදගත් සොයාගැනිම් වලින් නව තාක්ෂණයට   අඩිතාලම් දානවා.
ඇය නමින්,
හේඩි ලැමාර් (Hedy Lamarr)  



හේඩි ලැමාර්,  බටහිර ලෝකය තුල ප්‍රසිද්ධ වෙන්නේ රිදි තිරය ආලෝකමත් කල නිලියක් ලෙසයි. ඇය 1914 වසරේදි ඔස්ට්‍රියාවේ දි  හෙඩ්විග් එවා මරියා  නමින් යුදෙව් පවුලක උපත ලබනවා. 

කුඩා කල සිටම රංගනයට දායක වන හේඩි, පසුකාලිනව ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. ජනතා ආකර්ෂණය ලක්වූ   Algiers, I Take This Woman, Comrade X, Come Live With Me,H.M. Pulham, Esq.,Samson and Delilah වැනි චිත්‍රපට සදහා හේඩි තම රංගන දායකත්වය සපයනු ලැබුවා.

සුරූපි නිලියක් වූ හේඩි, විටෙක ලොව සුන්දරතම කාන්තාව ලෙසද මාධ්‍ය මගින් හදුන්වනු ලැබුවා. 

රංගනයට දායක වුවද, ඇගේ නවනිර්මාණ හැකියාව යටපත්කල හැකිවූයේ නැ. මුල් අවධියේදි අැය ට්‍රැෆික් ලයිට් පද්ධතියක් නිර්මාණය කලා. එමෙන්ම ක්ෂණිකව කාබනිකෘත ජලය(සෝඩා) සදාගතහැකි පෙත්තක් සැදිමට උත්සහ කලද එම උත්සහයන් අසාර්ථකවූවා.

දෙවැනි ලෝක යුද්ධසමයේදි හේඩි, ජෝර්ජ් ඇන්තෙයිල් සමග එක්ව  ගුවන් විදුලි තරංග භාවිතයෙන් ටෝපිඩෝ පාලනය කල හැකි තාක්ෂණයක් සෙවිමට උත්සහ කලා. මේ ඔස්සේ කල  සොයාගැනිම් වලදි ඔවුන් Frequency-hopping spread spectrum සොයාගනු ලැබුවා.  අද අපි භාවිතා කරන Wi-Fi,Bluetooth බිහිවන්නට අඩිතාලම වැටෙන්නේ Frequency-hopping spread spectrum ඔස්සේ තමයි.



හේඩි හා ජෝර්ජ ඔවුන්ගේ මෙම නව සොයාගැනිමට පේටන්ට් බලපත්‍රයද ලබාගන්නවා. නමුත් ඔවුනගේ නිර්මාණ පිලිගන්නට ඇමරිකානු නාවිකහමුදාව එතරම් උනන්දුවක් දක්වන්නේ නැ.නමුත් පසු අවස්ථා කිහිපයකදි (කියුබානු මිසයිල අර්බුදය වැනි) හමුදාව විසින් මෙය නවිකරණය කර භාවිතා කර තිබෙනවා. 

ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්ව කතාව බොරු කරපු තවත්  අවස්ථාවක් තමයි මේ.

- රොෂීන් ප්‍රනාන්දු

සබැදි ලිපි.





2 comments:

  1. අහම්බෙන් ගොඩ උනේ.. ඔන්න ෆොලෝ පාරක් දැම්මා.. පසුව අනික් ලිපිත් හිමිහිට කියවන්නම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා.
      ඔබටත් ජයෙන් ජය

      Delete