Tuesday, November 8, 2016

ගමක් නැටවූ ‘‘1518 නර්තන වසංගතය‘‘

ප්‍රංශයේ ගමක ඉන්න පිරිසක් එකවරම දින ගණනක් නැටවීමට සමත් වූ
‘‘1518 නර්තන වසංගතය‘‘
ගැනයි කතා කරන්න යන්නේ.



1518 වසරේ ජූලි මසදි ප්‍රංශයේ ස්ට්‍රස්බර්ග් ගම්මානයේ සිටි ට්‍රොෆියා නම් කාන්තාවක් හදිස්සියේම පාරට බැස නර්ථනයේ යෙදෙන්නට වූවා. ආහාරයක් හෝ විවේකයකින් තොරව ඇය දින 6 ක් පමණ එක දිගට නර්ථනයේ යෙදුනා. සතියක් ගතවූ තැන, තවත් 34 දෙනෙකු ද, මාසයක් තුල 400 දෙනෙකුද මෙසේ කුසට අහරක් නොමැතිව, විවේකයකින් තොරව නර්ථනයේ යෙදෙන්නට වූවා. ඔවුන්ගෙන් බහුතරය කාන්තාවන් වූවා.

මෙය ප්‍රසිද්ධ වූයේ නර්තන වසංගතය නමිනි. (Dancing Plague of 1518)



අධික ලෙස නර්තනයේ යෙදීම නිසා හෘද්‍යාබාධ, ආඝාතය මෙන්ම අධික වෙහෙස නිසා, පිරිස් මිය යන්නට පටන් ගැනිම තත්ත්වය තවත් දරුණු අතට පත්කලා. දිනකට ආසන්න ලෙස 15 දෙනෙකු මෙසේ මියයන්නට වුනා.



වහාම රැස්වූ නගර සභිකයින් මේ සදහා සුදුසු පිලියම් සෙවූවා. මෙසේ මිනිසුන් නර්ථනයේ යෙදිමට හේතුව කිසිවෙකු දැන සිටියේ නැ. නර්තනයේ යෙදෙන්නන්ට සුදුසු ලෙස සංගිතයක් සැපයිමටත්, නර්තනයේ යෙදීමට සුදුසු ස්ථානයක් ලබාදිමටත් නගර සභිකයින් තීරණය කලා. ඔවුන්ගේ අදහස වූයේ මෙම ක්‍රියාමාර්ග වලින් ඇතිවි ඇති අර්බුදය සමනය කරගත හැකි බවයි.

ඒ අනුව කුලිපදනම යටතේ සංගීතඥයින් නගරය වෙත ගෙන්වාගෙන, නර්තනයේ යෙදෙන්නන්ට සංගීතය සැපයිම සිදුකලා.

පසුව මෙම නැටුම් වසංගතය සමනය වූ අතර, මේ හේතුවෙන් බොහෝ පිරිසක් මියගිය අතර තවත් පිරිස් ආබාධයන්ට ලක්වුනා.

අදටත් නැටුම් වසංගතය ඇතිවිම පිලිබදව නිසි ආකාර හේතුවක් දැක්විය නොහැකියි. විවිධ ඉතිසඥයින් හා පර්යේෂකයින් දක්වන්නේ විවිධ හේතුන්ය. මෙය දිලිරයක් හේතුකොට ගෙන ඇතිවූ ආහාර විෂවිමක් නිසා සිදුවූ සිද්ධියක් යැයිද,  ආගමික විශ්වාස කෙරෙහි අන්ධානුකරණය විමෙන් ඇතිවු සිදුවිමක් යැයිද සමහරෙක් හේතු දක්වයි.

කෙසේ නමුදු, ස්ට්‍රාස්බර්ග් වැසියන් දින ගනණක් පුරා විදි බැස ඇල්ලු අඩව්ව නම් පොඩි නැ.

- රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය





No comments:

Post a Comment